"ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්" සමාරම්භක වැඩසටහන
2026 ජුනි 02

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය - ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් සමාරම්භක වැඩසටහන කතරගම ග්‍රාම නිලධාරි වසමෙන් ආරම්භ කළ අතර ඒ යටතේ මො/ගෝතමීගම කණිටු විදුහලේ නළ ළිඳක් ඉදිකිරීම, ජලටැංකිය සහ ආධාරකයක් ඉදිකිරීමට අදාළ මුල් ගල තැබීම අද දින සිදු විය. මෙම වැඩසටහන සඳහා ප්‍රතිපාදන ලෙස රු. 2,000,000.00 මුදලක් රජයෙන් වෙන් කර ඇති අතර මෙම අවස්ථාවට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් එන්.සී. වීරසිංහ මහතා, කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.එම්.ඩී. හේරත් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, මො/ගෝතමීගම කණිටු විදුහලේ විදුහල්පතිතුමා හා සිසු දරු දැරියන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ විය.

විශ්‍රාම යන අපේ පරිපාලන නිලධාරීතුමිය වෙනුවෙන්
සංවිධානය කරනු ලබන සමුගැනීමේ නිල හමුව
2026 ජුනි 1

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් ලෙසත් පරිපාලන නිලධාරිනියක් වශයෙන් කටයුතු කළ, දීපිකා සිරිවර්ධන මහත්මිය සේවයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන්, ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රධාන සමස්ථ කාර්‍යාලයීය නිලධාරීන් සංවිධානය කරනු ලබන, සාමුගැනීමේ නිල හමුව අද දින කාර්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

වසර 38ක් කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට විශාල සේවයක් කරමින් රාජකාරි ජීවිතය තුළ අත්දැකීම් සමුදායක් සමඟින් විශ්‍රාම යන එතුමියගේ සමුගැනීමේ උත්සවය සඳහා විශාල පිරිසක් සම්බන්ධ විය.

මෙම අවස්ථාවට රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා ද, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති ගරු එච්.එම්.ඩී. හේරත් මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන් ද, සමස්ත රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ද, කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු සමස්ත කාර්යාලීය නිලධාරීන් ද, දීපිකා සිරිවර්ධන මහත්මියගේ පවුලේ හිතවතුන් ද සහභාගි විය. මීට අමතරව සිවිල් සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් හා ප්‍රාදේශයේ ජනතාව ද සහභාගි විය.

කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තවත් සමාජ මෙහෙවරක්
2026 මැයි 26

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

නිවාස ඉිදිකරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැසිජලය රැස් කිරීමේ වැඩසටහන යටතේ පානීය ජල පහසුකම් නොමැත් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සඳහා වැසි ජල ටැංකි ලබාදීම කතරගම ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලීය පරිශ්‍රයේ දී සිදු වූ අතර සෙල්ලකතරගම, කරවිලේ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ප්‍රතිලාභීන් සඳහා ලීටර් 5000ක ජල ටැංකි බෙදා දෙන ලදි.

මෙම අවස්ථාවට කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) තුමා, ග්‍රාම නිලධාරි කොට්ඨාසවල ආර්ථික සංවර්ධන නිලධාරීන් හා අදාළ ප්‍රතිලාභීන් සහභාගි විය.

Buddha Image Buddha Image

සුභ වෙසක් මංගල්‍යයක් වේවා !!!

බුදුන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථාන තුන වන උන්වහන්සේගේ උපත, බුද්ධත්වයට පත්වීම සහ උන්වහන්සේගේ පරිනිර්වාණය (නිර්වාණය) සිහිපත් කරන වෙසක් උත්සවය ලොව පුරා සිටින බෞද්ධයින්ට වඩාත්ම පූජනීය සැමරුමකි. බෞද්ධ උරුමයන්ගෙන් පොහොසත් වූ අභිමානවත් සංස්කෘතියක උරුමක්කාරයන් වන ශ්‍රී ලාංකික ජනතාව, ලොව පුරා සිටින බෞද්ධයන් සමඟ මෙම උතුම් අවස්ථාව භක්තියෙන් සැමරීමට එක්වෙති.
...

පුවත් සහ සිදුවීම්

Scroll To Top