කතරගම ජනතාවට බිම් කඩක හිමිකම් 595ක්
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් පහක ජනතාවගේ දීර්ඝකාලීන ඉඩම් ගැටලුවලට ස්ථාවර විසඳුම් ලබා දෙමින් ඉඩම් බලපත්‍ර බෙදාදීමේ එක් අදියරක් පසුගිය මාර්තු මස 31 වන දින කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුනි.
මෙහිදී ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්

කරවිලේ වසම (194),
කඳසුරුඳුගම වසම (166),
දෙටගමුව වසම (110),
කතරගම වසම (66)
සෙල්ල කතරගම වසම (59) වශයෙන් ඉඩම් බලපත්‍ර 595ක් ප්‍රදානය කිරීම සිදුවිය.

කතරගම ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මගපෙන්වීම තුළින් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රදේශයේ ඉඩමක අයිතිය ලබාගැනීමට බලාපොරොත්තුව සිටි ජනතාව වෙනුවෙන් එම කාර්‍යය ඉටු කරදීමට හැකිවිය.

මෙම අවස්ථාව සඳහා ඌව පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මැතිතුමා , වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ගරු ආර්.එම්. ජයවර්ධන මහතා , ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී නිශාන්ත මහතා , ඌව පළාත් ඉඩම් කොමසාරිස් විජිතා මායාදුන්නේ මහත්මිය, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී වරුන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහභාගි විය..

කතරගම ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
2026 මැයි මස 14

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, 2026 මැයි මස 14වන දින කතරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතීත්වය දරණ මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.

කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා, කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.එම්.ඩී. හේරත් මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන් හා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි විය.

ප්‍රාදේශිය විගණන කලමනාකරන කමිටු රැස්වීම - 2026 පලමු කාර්තුව
Published by Kataragama Divisional Secretariat
ප්‍රාදේශීය විගණන හා කළමණාකරන කමිටු රැස්වීම 2026.05.06.දින ප්‍රාදේශීය ලේකම් තුමා හා විගනණ අධිකාරි තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර ඒ සඳහා කාර්යාලීය සියලුම නිලධාරීන් සහභාගි විය.

පුවත් සහ සිදුවීම්

Scroll To Top