Digi Truck Sri Lanka වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සාකච්ඡාව
2026 අගෝස්තු 13
පුවත් හා කාලීන සිදුවීම්
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව ජනතාවගේ පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා HUWAWEI ආයතනය එක්ව සංවිධානය කරනු ලබන Digi Truck Sri Lanka වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සාකච්ඡාව 2026.08.13 වන දින කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලීය නිලධාරීන්, කතරගම, තණමල්විල, වැල්ලවාය හා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරු හා තොරතුරු තාක්ෂණ නිලධාරීන්, HUWAWEI ආයතනයේ නිලධාරීන් හා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ විය.
ඡායාරූප













