Digi Truck Sri Lanka වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සාකච්ඡාව
2026 අගෝස්තු 13

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව ජනතාවගේ පරිගණක සාක්ෂරතාවය වැඩි දියුණු කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය හා HUWAWEI ආයතනය එක්ව සංවිධානය කරනු ලබන Digi Truck Sri Lanka වැඩසටහන මොනරාගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික සාකච්ඡාව 2026.08.13 වන දින කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලීය නිලධාරීන්, කතරගම, තණමල්විල, වැල්ලවාය හා බිබිල ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් ප්‍රාදේශීය ලේකම්වරු හා තොරතුරු තාක්ෂණ නිලධාරීන්, HUWAWEI ආයතනයේ නිලධාරීන් හා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සම්බන්ධ විය.

රුහුණු මහා කතරගම දේවාලයේ අතු පන්දලම අලුත් කිරීමේ චාරිත්‍රය
2026 ජූලි 20

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

කතරගම වාර්ශික ඇසල පෙරහැර චාරිත්‍ර අතර විශේෂ චාරිත්‍රයක් වන අතු පන්දලම අලුත් කිරීමේ චාරිත්‍රය ඊයේ දිනයේ සිදු කෙරුණු අතර මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.පී. නිශාන්ත මහතා හා කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක සහභාගි විය.

ඓ්තිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2026 වාර්ශික ඇසල උත්සවය සංවිධානය කිරීමේ දෙවන සාකච්ඡාව
2026 ජූලි 01

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

ඓ්තිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2026 වාර්ශික ඇසල උත්සවය සංවිධානය කිරීමේ දෙවන සාකච්ඡාව පසුගිය 2026 ජූලි 01 දින දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ මුලිකත්වයෙන් සාර්ථකව පවත්වන ලදි. මෙහි අවසන් සාකච්ඡාව 2026 ජූලි මස 08වන දින පෙ.ව. 09.30ට පැවැත්වීමට නියමිත බව කතරගම ප්‍රාදේශීය ලේකම්තුමන් සියලුම දෙනා දැනුවත් කරන ලදි.

මෙම අවස්ථාවට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, ඇතුළු ගරුතර සංඝ රත්නය ද රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ද කතරගම ඇසල උත්සවයේ කඳවුරු භාර නිලධාරී වශයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.පී. නිශාන්ත මහතා, කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි විය.

කතරගම ඇසල පෙරහැර 2026 දෛනික රාජකාරි සිදු කරන අපේ නිලධාරීන්
2026 ජූලි 15

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

ඇසල පෙරහැර වෙනුවෙන් කතරගමට පැමිණෙන බැතිමතුන්ගේ අවශ්‍යතා පරික්ෂා කරමින් කඳවුරු කාර්යාලයේ නිලධාරීන් දෛනික රාජකාරිවල නිරත වන අතර ජල සැපයීම, විදුලි සැපයුම, වාහන බලපත්‍ර නිකුත් කිරීම ආදි කටයුතු සියල්ලම මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.පී. නිශාන්ත මහතා හා කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතාගේ අධීක්ෂණය යටතේ කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ සහෝදර නිලධාරීන් පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ සිදු කරමින් පවති.

ඓ්තිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2026 වාර්ශික ඇසල උත්සවය සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාව
2026 ජුනි 05

Main News Photo

පුවත් හා කාලීන සිදුවීම්

ඓ්තිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ 2026 වාර්ශික ඇසල උත්සවය සංවිධානය කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගිය 2026 ජුනි 05 දින කතරගම කිරිවෙහෙර පුරාණ රජ මහා විහාරස්ථානයේ දී පවත්වන ලදි.

මෙම අවස්ථාවට කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි, රුහුණු මාගම් පත්තුවේ අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි ඇතුළු ගරුතර සංඝ රත්නය ද රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමා ඇතුළු කාර්ය මණ්ඩලය ද කතරගම ඇසල උත්සවයේ කඳවුරු භාර නිලධාරී වශයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.පී. නිශාන්ත මහතා, කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි විය.

පුවත් සහ සිදුවීම්

Scroll To Top