කතරගම ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
2026 මැයි මස 14
පුවත් හා කාලීන සිදුවීම්
කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම, 2026 මැයි මස 14වන දින කතරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතීත්වය දරණ මොනරාගල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර ගුණරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
කතරගම ප්‍රාදේශීය ලේකම් කේ. ප්‍රගීත් කුලතිලක මහතා, කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.එම්.ඩී. හේරත් මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන් හා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි විය.













