"ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්" සමාරම්භක වැඩසටහන
2026 ජුනි 02
පුවත් හා කාලීන සිදුවීම්
ප්‍රජා ශක්ති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය - ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක් සමාරම්භක වැඩසටහන කතරගම ග්‍රාම නිලධාරි වසමෙන් ආරම්භ කළ අතර ඒ යටතේ මො/ගෝතමීගම කණිටු විදුහලේ නළ ළිඳක් ඉදිකිරීම, ජලටැංකිය සහ ආධාරකයක් ඉදිකිරීමට අදාළ මුල් ගල තැබීම අද දින සිදු විය. මෙම වැඩසටහන සඳහා ප්‍රතිපාදන ලෙස රු. 2,000,000.00 මුදලක් රජයෙන් වෙන් කර ඇති අතර මෙම අවස්ථාවට කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් එන්.සී. වීරසිංහ මහතා, කතරගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.එම්.ඩී. හේරත් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන්, මො/ගෝතමීගම කණිටු විදුහලේ විදුහල්පතිතුමා හා සිසු දරු දැරියන් හා රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ විය.
ඡායාරූප

















